පොතක් කියවමු - 01 (ජාතියේ ඛේදවාචකය - වික්ටර් අයිවන්)

ශ්‍රී ලංකාව පසුගිය වර්ශ දෙදහස් පන්සීයකට ආසන්න කාලය තුල විවිධ බාහිර ජාතීන්ගේ ආක්‍රමනට වලට ලක්වු රටකි .විශේෂයෙන්ම දකුණූ ඉන්දීය ආක්‍රමන වලින් පසු වර්ශ 1515 දී පෘතුගීසීන්ගේ ආක්‍රමන වලින් ආරම්භවු බටහිර ජාතීන්ගේ පැමිනීම අපේ රටට වැඩිම බලපෑමක් කල සංසිද්ධීන් අතර වේ. 1818 දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් වු අප බොහෝ දුශ්කරතා ඔස්සේ අහිමි කරගත් දෑ සහ ලබාගත් දෑ බොහෝය. රාජාන්ඩු ක්‍රමය අහෝසි වී ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් හිමිවීම එක් අතකින් අප ලබාගත් ජයග්‍රහනයකි. 

නමුත් 1948 පෙබරවාරි 04 දින අප ලබාගන්නා ලද ඩොමීනියන් නිදහසේ සිට මේ දක්වා කාලය තුල මේ රට ක්‍රම ක්‍රමයෙන් අගාධයට ගොස් මේ වනවිට ඉතා දූශීත දුප්පත් මෙන්ම දුශ්ඨ රාජ්‍යක් බවට පත්වීමේ ගැටලුවේ ආරම්භය සැබැවින්ම මෑත ඉතිහාසය තුල ආරම්භ වුවක් නොව එය වසර 71 ක් ආසන්න ඉක්මවා ගියපු කාලයක් පුරා වු සිදුවීම් වල ප්‍රතිඵල බව ලංකාවේ දේශපාලනික ඉතිහාසය ගවේශණය කරන්නෙකුට පැහැදිලිවම අවබෝධවනු ඇත.

අපේ පෞද්ගලික විශ්වාසය නම් අප වැටී සිටින දේශපාලනික අඝාදයෙන් ගොඩ පැමිීණිමට නම් පලමුවෙන්ම ලාංකිකයන් මිත්‍යාව සහ ප්‍රතිශේපකර සත්‍ය දෙසට වඩාත් ලංවිය යුතුය .එම නිසා මොහොතකට අපට රාවණා වැනි මිත්‍යා ප්‍රබන්ධ වලින් විරාමයක් ගෙන වර්ශ 1818 සිට මේ මොහොත දක්වා ලංකාවේ ජුගුප්සාජනක දේශපාලනික ඉතිහාසය ගැන එක පිටුවක් නෑර සියලු ශ්‍රිලංකිකයින්ගේ අවබෝධයේ පහන දැල්විය යුතුය . එදා මෙදා තුර බලය ප්‍රමුඛව පවත්වාගත් කිසිදු ආන්ඩුවක් හෝ දේශපාලනික කන්ඩායමක් මගින් පාසල් මට්ටමෙන් හෝ වෙනත් ආකාරයකින් ඒ කෙටි ඉතිහාසය අවධි කිරීමේ කාර්‍යට අත නොගසනු ඇත .මන්ද ලාංකිකයන්ගේ දේශපාලනික දැනුවත්භාවය නිසැකවම ඔවුනට මරුපහරකි. ඔවුන් විසින්  කලින් කලට විවිධ මිත්‍යාවන් කරලියට ගෙන එනු ලබන්නේ මේ සියවසක මදක් වැඩි අමිහිරි සත්‍ය අතීතය වලදමනු පිනිසය .

නිවසක කදුලු

ඒ ලැබැදි  නිවස අසල්වැසි
පත්කරයි මා වේදනාවට
ඒ අසල්වැසි මිතුරන් උදෑසනම
පිටත්වී නමුදු රෑ බෝවි ආයේ පැමිනේ
තෙපැයකට මත්තෙන් දොලහ කනිසමට රාත්‍රී
විදුලි පහන් නිවේ ඒ දැල්වු

පසුදා නැවත පිටත් වී රෑබෝවි පැමිනේ
වෙනදා මෙන්ම විදුලි පහන් නිවේ 

එ නිවස මට දුකකි
මිනිසුන් උවත් ඔවුන් හොද
නොහැකි මට අත දෙන්නට
ගිලෙන ඔවුනට මේ චක්‍රයේ
නොවුනත් ඔවුන් අන්ත දුප්පතුන්
අධිකය දිවිකතර ගෙවීමට වියදම්
එ නිවස දෙස මා බලන විට ඇතැමි
නිවසද මා දෙසම බලයි
සත්තකින්ම කදුලු පිරි නෙතින්
එ නිවස මා දෙස බලා සිටී

Charls Bukowski ගේ Safe නම් කවි පෙලේ අනුවාදනයකි



''සොක්කන් ලොක්කන් වු වගයි'' ග්‍රන්ථය නැවත මුද්‍රනය වේ

ලංකාවේ යටත් විජිත් ධනේශ්වරයේ නැගී සිටීම නොහොත් ''සොක්කන් ලොක්කන් වු වගයි'' කෘතිය මෑත කාලයේ ඉතිහාසය හා දේශපාලනය අධ්‍යායනය කරන තරුන පරම්පරාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වු කෘතියකි. මහාචාර්‍ය කුමාරී ජයවර්දන මහත්මිය විසින් රචිත මෙම කෘතිය මුල් වරය ප්‍රකාශයට පත්වුයේ 1998 වර්ශයේදීය  .යටත් විජිත යුගයෙන් පන්නරය ලබා රට කරවන්නට එක් රැස් වු හා එකල ලංකාවේ සිටි රදල යැයි නම් ලැබූ සිංහලයන්  සොක්කා ගේ  සිට ලොක්කා දක්වා පරිනාමය වුයේ කෙසේද යන්න මෙම පොත මැනවින් විග්‍රහ කරයි. ලංකාවේ ඇති ඉතා දුර්ලභ පොත් කිහිපය අතරට පත්වු මෙම කෘතිය බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි නැවත මුද්‍රනයට කටයුතු සලසා දී තිබේ.

Muses Publishing House
(Not A Paid Advertisement)



අප්‍රමාන ධෛර්‍යවන්ත මිනිසෙක් හෙවත් ඇලෙක්සි මර්සියෙවු ගේ කතාව

ඔබ කෙදිනක හෝ රුසියානු ලේඛක බරිස් පලෝවොයි විසින් රචිත ලෝක පුජීත නවකතාවක් වන සැබෑ මිනිසෙකුගේ කතාවක් නව කතාව කියවා ඇත්නම් ඹබට ඒ නම කිසි කලෙකත් අමතක විය නොහැකිය.  වීරයන් බිහිවන්නේ අනෙකා වෙනුවෙන් සටන් වැදීමෙන් පමනක් නොව තම චිත්ත ධෛර්‍ය අත් නොහැර අරමුන වෙනුවෙන් සටන් වැදීමෙන්ද බව ඔබට එය කියැවුවහොත් අවබෝධ වනු ඇත .“ඇලෙක්සි මර්සියෙවු’’ ඒ නාමයයි .

සෝවියට් දේශය දෙවන ලෝක යුධ සමයේදී  නාසි ජර්මනිය සමග සටනකට අවතීර්ණවිය. එකල ගුවන් සෙබලෙකුවු ඇලෙක්සි මර්සියෙවු ගමන් ගත් යානයට වැදුනු ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස කිසිදු මිනිස් ජීවයක් පෙනෙන තෙක් මානයකවත් නොතිබු රුදුරු වන පියසකට ඔහුගේ යානය කඩා වැටෙන්නේ  කැබලි වලට අස්ටී කැඩී තැලුනු දෙපා ඇත්තෙකු ලෙසයි.එය කෙතරමි බිය ජනක අත් දැකීමක් වන්නට ඇත්ද යන්න ඔබට සිතාගත හැකිද? . බොරීස් පලෝවොයි ගේ නව කතාව මේ සත්‍ය සිදුවීම පාදක කොටගෙන ලියැවුනකි

ඇලෙක්සි මර්සියෙවු උපත ලබන්නේ 1916 මැයි 20 වැනි දින රුසියාවේ කැම්ශයින් හිදීය. උපතින් වසර 3කට පසු ඔහුගේ පියා 1919 වර්ශයේදී මිය ගිය අතර පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු මොස්කවු හී ගුවන් අභ්‍යාස ආයතනයට අයදුම් කරන නමුත් සෞඛ්‍ය තත්වයේ තිබු ඇතැම් දුර්වලතා නිසා ඔහු ඉන් ප්‍රතිශේප විය.ඉන් පසු ඔහු ලෙනින්වාදී තරුන ලීගය හෙවත් කොම්සමෝල් සංවිධානය සම්බන්ධවී කටයුතු කල අතරඑහි ගෞරවනීය සමාජිකත්වයක් ලෙස ඕනෑම දෙපාර්ථමෙන්තුවක සේවයට යාමට හැකියාව ඔහුට තිබින.ඒ අනුව ඔහු ගුවන් නියම බලගනයට ඇතුලත් වී නියමුවකු ලෙස පුහුනුව ලැබීය. ඉන්පසුව වැඩිදුර පුහුනුව සදහා ඔහු Bataysk ගුවන් නියමු පාසලට ඇතුලත්ව ඉතා දක්ශ ලෙස සිය අධ්‍යාපනය හමාර කිරීමේ ප්‍රතිපලයක් ලෙස එම ගුවන් පාසලේම උපදේශකවරයෙක් ලෙස පත්වීමට ආරාධනා ලැබිය. ඒ 1940 වර්ශයේදීය.

ජර්මනියට එරෙහිව ශ්‍රේෂ්ඨ දේශප්‍රේමි යුද්ධයේ පලමු මාස දෙක ඔහු උපදේශකවරයේ ලෙසම සෝවියට්නියමුවන් පුහුනු කරන්නෙකුව සිටි නමුත් ඔහු 1941 අගෝස්තු 23 දින ප්‍රහාරක නියමුවකු ලෙස පත් කලේය.ඉන් මාස 5 කට පසු ඔහු පලමු නාසි ගුවන් යානය බිමහෙලන ලදී 1942 වර්ශයේ පලමු මාස හතර ඇතුලතදී ඔහු තවත් නාසි ජර්මන් ගුවන් යානා තුනක් බිම හෙලීමට සමත් විය.

ඉන්පසු ඔහු බටහිර පෙරමුනට මාරුකරන ලදී .ඔහුගේ කතාවට ආරමිභය සිදුවුයේ එහිදීය. යුධ පෙරමුනේ ඉහල ගුවනේ ජර්මන් කදවුරකට ආසන්නයේදී ඔහු ගමන්ගත් Polykarpov 1-16 වර්ගයේ ගුවන්යානයට එල්ලවු නාසි ගුවන් ප්‍රහාරයකින් ඔහු ගමන්ගත් යානය මහා වනමැදකට කඩා වැටුනේ ඇවිද යා ගත නෙහැකි ලෙස ඔහුගේ දෙපාම අස්ටී පිපිරීමෙන් හා ලේ තැල්මකට ලක්වීමෙනි  .ජර්මානුවන් විසින් අත්පත් කරගෙන තිබු මේ බිම්කඩ තුලින් තම අහිමි වු දෙපාද සමග ජීවිතය ගලවා ගැනීමට දින 18 ක් පුරා ඔහුට නිරා දුක් විදින්ට සිදුවු නමුදු ඇලෙක්සි   අවසන් තප්පරය දක්වා සිය බලාපොරොත්තුව අත් හැරියේ නැත. ගසකින් වැටෙන ඇට වර්ගයක් කොලයක් හෝ වෙනත් සුලු දෙයකින් ඔහුට සිය ජීවිතය බේරාගැනීමට සටන් කරන්නට සිදුවිය. ශරීරය පුරා රිදුම් කන වේදනාවෙන් ඔහු අත්වාරුවෙන් බඩගාගෙන ඇවිදගියේය.  ආහාර නෙමැති කමින් අත්වාරුවද නොමැතිවු ඔහුට අවසානයේ බිමදිගේ පෙරලෙමින් ගමන් කරන්නටද සිදුවිය. මරණයෙ අදුරු සෙවනැලි පෙනි පෙනී තිබියදී ඔහු  නාසි භිශනයට බියවී කැලෑවේ සැගවී පදිංචි වී සිටි ගම් වැසියන් පිරිසකට හමුවුනේ වාසනාටය.

එහිදී ඔහු මොස්කවුහී රෝහලකට ඇතුලත් කල අතර ඔහුගේ දෙපා බේරාගැනීමට වෛද්‍යවරු උපරිම උත්සහ කලත් අවසානයේදී ඔහුගේ කකුල් දෙකම කපා දැමීමට ඔවුනට සිදුවිය.එකල භාවිත කල ගුවන් යානාවලද වාහනවල මෙන්ම පා පැඩල භාවිත වු බැවින් එය අලෙක්සෙයිගේ ජීවිතය ගැනද වැදගත් තීරණයක් විය. නමුදු ඒ කිසිදු අසමත් වීමක් ඔහුට එක්තැන් වී සිටීමට වැදගත් නොවීය. සෝවියට් එකමුතුවෙන් ඔහුට කෘතීම දෙපා යුවලක් නොමිලේ ලැබුනිඔහු එතැන් සිට නැවත පුහුනු වීමි ඇරඹීය. මුල් කාලයේ ඇතිවු අසමත්වීම් වලින් තරමක් පසුබෑවද ඔහුගේ ආත්මයෙන් ඔහුට පසු බැසීමට ඉඩක් ලැබුනේ නැත. මුලදී ඔහුට ඇවිදීමටවත් නොහැකි වුවත් අවසානයේ දිවීමට මෙන්ම නැටීමට තරම් පවා ඔහු ඔහු සිය හැකියාව වර්ධනය කරගත්තේය.

ඔහු කිසි දිනෙක ඔහු ආදරය කල වෘත්තිය වු ගුවන් නියමු රැකියාව ගැන බලාපොරොත්තු අතහැරියේ නැත.බොහෝ බාධක හා පරික්ශන හා පුහුනුවීම් ගනනාවක් අවසානයේ ඔහු 1943 වර්ශයේදි ගුවන් නියමුවකු ලෙස නැවත සේවයට එක්විය. 1943 වර්ශයේදී ඔහු  FW-190 වර්ගයේ ගුවන් යානා 3ක් රුදුරු ගුවන් සටනකදී බිමහෙලන ලදී .ආබාධිත තත්වයේ සිටියදී උවද ඔහුගේ හැකියාව ගැන සෝවියට් හමුදා ප්‍රධානින්ට ඉතා සතුටට පත්විය. ඉන් පසු ඇතිවු සටන් වලින් ඔහු තවත් ජර්මානු යානා 4 ක් බිම හෙලීමට සමත්විය. 1946 වර්ශයේදී ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගියේය. ඉන් පසුවද අත්නොහැරි ඔහු ඉතිහාසය විශය පිලිබද පස්චාත් උපාධියක්ද ලබාගත්තේය . මිනිස් සිතේ දෛර්‍යවන්ත භාවය ගැන ජීවමාන සාක්ශියක් වු මේ මිනිසාට සෝවියටි දේශයේ වීරයා සම්මානය පුදකරන ලදී. ඔහුගේ මේ කතාව ගැන උනන්දුවක් දැක්වු සෝවියට් ලේඛක බරිස් පලෝවොයි Story Of A Real Man නමින් මේ කතාව නවකතාවක් ලෙස ප්‍රකාශනයට පත්කරන ලදී.

ඇලෙක්සි මර්සියෙවු

නාසීන්ගේ යුදෙවු වෛරය

මෙම  අයිතිහාසික මෙන්ම ආන්දෝලනාත්මක ජායාරූපය ලබාගෙන තිබුනේ යුදෙව් ජාතික ඡායාරුප ශිල්පියකු වන ඇල්ෆඩ් අයිසෙන්ඩියැට් විසින් 1933 වර්ශයේදි ජිනිවා නුවර පැවැත්වු සම්මේලනයකදීය. එහි නිරූපනය වන්නේ හිට්ලර්ගේ නාසි රෙජීමයේ න්‍යායාචාර්යවරයකු මෙන්ම සමස්ථ නාසි බලකදවුරේ තෙවැන්නා වු ජෝසෆ් ගොබෙල්ස් මෙම යුදෙවු ජාතික ඡායාරූප ශිල්පියා දෙස වෛරීසහගත දෑසින් බලාසිටින ආකාරයයි. ඔහු සිය සිරුරේ මුලු බරම ඔහු අසුන්ගෙන සිටින පුටුවේ ඇන්දමත යොදමින් ඔහු සිය යුදෙවු වෛරය පාලනය කර ගන්නා අකාරය ඉන් දැක්වේ. මෙය නාසි බලකදවුරේ ඉහල පෙලේ නායකයින් ගේ ලබාගන්න ලද ඉතාම සීමිත විවාත ජායාරූප කිහිපයෙන් එකකි.